2026-08-08 19:53:00 Hours

ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළට


...

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 47,136ක්. එය සමස්ත රෝගීන්ගෙන් සියයට 52.94ක්.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එහි රෝගීන් 18,922ක් හඳුනාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර, කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,569 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වසරේ මාස අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් පසුගිය ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 29,973ක්.

අගෝස්තු මාසයේ ගත වූ පළමු දින 7 තුළ පමණක් ඩෙංගු රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk