2026-08-06 15:40:00 Hours

හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්


...

බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරය එල්ලාව ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසුවයි.

ඊයේ (05) රාත්‍රී 8.45ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ඔහුගේ නිවසට අලාභ හානි සිදුකරමින් කඩාකප්පල්කාරී ලෙස වතුපිටි දේපළවලට ද හානි කර ඇති බව වාර්තා වනවා.

ප්‍රහාරය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් අවාමි ලීගය පැවසුවේ "නිවාස ගිනි තැබීම, අවාමි ලීග් මාධ්‍ය හමුවට සහභාගී වීමේ මිල මෙයයි. නව ෆැසිස්ට්වාදය බංග්ලාදේශය ගිලගෙන තිබේ."

අන්තර්ජාලය හරහා අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක් ලෙස අත්අඩංගුවට ගැනීමට හෝ මරණයට මුහුණ දීමට සූදානම්ව දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට තමා දැඩි ලෙස අදිටන් කරගෙන සිටින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk