2026-08-08 15:17:00 Hours
ධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ බෝල්රුම් ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝගය කර ඇති බව වාර්තා වනවා.
එරට ෆෙඩරල් අභියාචනාධිකරණය නියෝගය නිකුත් කරමින් පවසා ඇත්තේ අමෙරිකානු ජනාධිපති යනු ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරු නොවන බවයි.
ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාව සඳහා ඩොලර් මිලියන 400ක වියදමක් ට්‍රම්ප් පරිපාලනය විසින් ඇස්තමේන්තුගත කර තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළව තිබුණා.
එය වර්ග අඩි 90000ක පමණ විශාලත්වයෙන් යුතුව ඉදි කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන්.
අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම තීන්දුව පිළිබඳව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා දින 14ක කාලයක් හිමි වන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk