2026-08-10 10:11:00 Hours
මෙම වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 89,639 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මාසික වාර්තා අනුව මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,973ක්.
ජූනි මාසයේදී රෝගීන් 21,533ක්, මැයි මාසයේදී 8,590ක්, ජනවාරි මාසයේදී 7,866ක්, මාර්තු මාසයේදී 6,013ක්, පෙබරවාරි මාසයේදී 5,721ක් සහ අප්‍රේල් මාසයේදී 5,651ක් ලෙස රෝගීන් වාර්තා වී තිබෙනවා.
අගෝස්තු මාසයේ මුල් දින 9 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,292 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පළාත් අනුව වැඩිම ඩෙංගු බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එහිදී රෝගීන් 47,445 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.93ක ප්‍රතිශතයක්.
දකුණු පළාතෙන් රෝගීන් 13,302ක්, මධ්‍යම පළාතෙන් 7,971ක්, සබරගමුවෙන් 7,383ක්, වයඹින් 4,465ක්, නැගෙනහිරින් 3,703ක්, ඌවෙන් 2,482ක්, උතුරු මැදින් 1,574ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 1,314ක් වාර්තා වී තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 21.27ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,765ක්, මහනුවරින් 6,366ක්, මාතරින් 5,953ක්, කළුතරින් 5,841ක්, ගාල්ලෙන් 4,936ක් සහ රත්නපුරයෙන් 4,860ක් වාර්තා වී තිබෙනවා.
කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,613 දෙනෙකු වාර්තා වී ඇති බවද සඳහන්.
මේ වනවිට ඩෙංගු මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වී ඇති අතර, දිවයින පුරා තවදුරටත් අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 119ක් හඳුනාගෙන තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk