2026-08-14 12:20:00 Hours
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඊයේ (13) වනවිට එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි.
මේ අතර, ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් බවද එම ඒකකය පවසනවා.
වසරේ මාසයක් තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම මාසයේදී රෝගීන් 29,968 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම, මෙම මාසයේ ගතවූ දින 13 තුළ ඩෙංගු රෝගීන් 6,004 දෙනෙකු වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 48,383ක්.
දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,479 දෙනෙකු සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,160 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණ කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk