2026-08-23 19:26 Hours
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරනවා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා පැවැත්වූ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බව සඳහන් වනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සෘජුවම සම්බන්ධ වන බැවින් ඒ පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජිතය.
මීට අමතරව මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමටද යෝජනා කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk