2026-08-21 08:33:00 Hours
චීනයේ ඩ්රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා 232 වගන්තිය යටතේ පනවා ඇති තීරුබදු වහාම ඉවත් කරන ලෙස චීන රජය ඇමරිකාවෙන් ඉල්ලා තිබෙනවා.
චීන වාණිජ අමාත්යාංශයේ ප්රකාශක He Yadong ඊයේ (20) පැවති මාධ්ය හමුවකදී සඳහන් කළේ, අදාළ තීරුබදු මගින් චීන ව්යවසායන්ගේ අවශ්යතාවලට දැඩි බලපෑමක් එල්ල වන අතර, ගෝලීය ඩ්රෝන කර්මාන්තයේ සහ සැපයුම් දාමයේ සහයෝගීතාවට ද බාධා එල්ල වන බවයි.
“ජාතික ආරක්ෂාව” මුවාවෙන් ඇමරිකාව ක්රියාත්මක කරන්නේ ඒකපාර්ශ්වික සහ ආරක්ෂණවාදී වෙළඳ ප්රතිපත්තියක් බව ද ඔහු චෝදනා කළා.
ඇමරිකාවට අපනයනය කරන චීන ඩ්රෝන යානා ප්රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, උපකරණ පරීක්ෂා කිරීම මෙන්ම චිත්රපට හා රූපවාහිනී කටයුතු වැනි සිවිල් කටයුතු සඳහා භාවිත කරන බවද He Yadong පැවසුවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ 232 වගන්තිය යටතේ ගෙන ඇති ක්රියාමාර්ග මගින් ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අතිශය පුළුල් ලෙස අර්ථ දක්වා ඇති බවත්, වෙළඳ හවුල්කරුවන් අනුව වෙනස් තීරුබදු අනුපාත පැනවීමෙන් චීන නිෂ්පාදනවලට වෙනස්කම් සිදුකර ඇති බවත්ය.
එම ක්රියාමාර්ග සාධාරණ තරගකාරීත්වයක් සහිත වෙළඳපොළ පරිසරයට තවදුරටත් හානි කරන බැවින්, චීනය ඊට දැඩි ලෙස විරුද්ධ බව ද චීන වාණිජ අමාත්යාංශය අවධාරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk