2026-08-23 21:56:00 Hours

ත්‍රිරෝද රථ ධාවනයේ අවම වයස් සීමාව ඉහළ දැමීමේ සුදානමක්


...

ත්‍රිරෝද රථ ධාවනය සඳහා පවතින අවම වයස් සීමාව ඉදිරියේදී අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයින් ත්‍රිරෝද රථ ධාවනයට යොමුවීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

රටේ අනාගතය දරුවන් මත රඳා පවතින බවත්, ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කළ හැක්කේ දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා වැඩිදුරටත් පැවසුවා.

''අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට.

ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.''



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk