2026-08-21 11:37:00 Hours
ප්‍රවීණ සංගීතවේදී විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති තුන් දින ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
මේ අනුව අද (21) හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින ජාතික කොඩිය අඩකුඹු කර තැබෙනු ඇති.
මේ සම්බන්ධව ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.
2026 අගෝස්තු 21 වනදා නිකුත් කළ එම චක්‍රලේඛයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර තිබෙනවා.
ප්‍රවීණ සංගීතවේදී විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මේ අතර ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවයක් පැවැත්වුණා.
ඒ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී වන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk