2026-08-19 13:10:00 Hours
ඇමරිකාව සහ පිලිපීනය අතර සිදුවන සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක කරගත් එකක් නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා.
පිලිපීන ධීවරයින්ට නීතිවිරෝධී ධීවර කටයුතු වාර්තා කිරීමට සහාය වීම සඳහා පිලිපීනයේ පලවාන් දූපතේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවට ඇමරිකානු තානාපති කාර්යාලය පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය 18 වනදා පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මේ බව සඳහන් කළා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු පැවසුවා.
ජාත්‍යන්තර සහයෝගිතාව, කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මෙන්ම කලාපීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු රටවල් දායක විය යුතු බව චීනයේ ස්ථාවරය බව ලින් ජියන් මහතා පෙන්වා දුන්නා.
ඇමරිකාව සහ පිලිපීනය අතර සාමාන්‍ය සහයෝගිතාවකට චීනය විරුද්ධ නොවන බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, එවැනි සහයෝගිතාවක් කිසිදු තෙවන පාර්ශ්වයක අවශ්‍යතා ඉලක්ක කරගැනීමක් හෝ එම පාර්ශ්වයට හානි කිරීමක් නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk