2026-08-22 08:41:00 Hours
ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වැනි අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේදී මීටර් 88.14ක දක්ෂතාවක් වාර්තා කරමින් ඔහු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තා.
ඒ අනුව රුමේෂ් තරංග මේ වනවිට ඩයමන්ඩ් ලීග් තරගාවලි තුනකදී පළමු ස්ථානය දිනාගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.
මෙහිදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි ස්ථානයට පත්විය. එය මෙවර තරග වාරයේදී නීරාජ් චෝප්රා වාර්තා කළ ඉහළම දක්ෂතාවයයි.
මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් තෙවැනි ස්ථානය හිමිකර ගත්තා.
23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.
එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකරගත් හයවැනි රන් පදක්කම වන අතර, 2006 වසරේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ රන් පදක්කම දිනාගැනීමෙන් වසර 20කට පසු ශ්‍රී ලංකාව එම ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කමක් වීමද විශේෂත්වයකි.
එමෙන්ම 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ඩන්කන් වයිට් මීටර් 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් වසර 76කට පසු, ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු එම ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසද රුමේෂ් තරංගගේ ජයග්‍රහණය ඉතිහාසයට එක්වෙයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk