2026-08-20 08:17:00 Hours

22 වැනි සංශෝධනයට ජනමතවිචාරණයක් ඕනෑ නම් අපි සූදානම් - අමාත්‍ය නලින්ද ජයතිස්ස


...

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් එම ජනමත විචාරණය පැවැත්වීමට රජය සුදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසය වන විට අපේක්ෂිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පදනම්ව පාර්ලිමේන්තු අනුමැතිය හෝ ජනමත විචාරණයක් මඟින් ඉදිරියට යාමට රජය සුදානමින් සිටින බවයි.

මෙම යෝජිත සංශෝධනය සම්පුර්ණයෙන්ම මහජන සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති බවත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් ඒ මහතා පවසනවා.

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අවශ්‍ය නම්, ඒ අනුව කටයුතු කිරීමටත්, ජනමතවිචාරණයක් අවශ්‍ය නම්, ඒ සඳහාත් අපි සූදානම්”.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk