2026-08-21 21:33:00 Hours

හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වගකීමක්


...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න පත් කර තිබෙනවා.

එම පත් කිරීම අගෝස්තු 20 වැනිදා සිට 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

හෂාන් තිලකරත්න 1989 වසරේ සිට 2003 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

එම කාලය තුළ ඔහු ටෙස්ට් තරග 83කට සහ එක්දින ජාත්‍යන්තර තරග 200කට ක්‍රීඩා කරමින් ජාත්‍යන්තර ලකුණු 8,200ක් රැස්කරගෙන ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk