2026-08-23 19:41:00 Hours

දළදා පෙරහැරේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ට බාධා කළ අයෙක් අත්අඩංගුවට


...

මහනුවර දළදා පෙරහැර වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී කලහාකාරී ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (23) පෙරවරුවේ මාළිගා භූමියට ඇතුළු වන ප්‍රධාන පිවිසුම ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට අදාළ පුද්ගලයා පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවයි.

අනතුරුව කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk