2026-08-23 11:24:00 Hours
මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ආදායම පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මෙම වසරේදී 11.5%කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මහ බැංකු වාර්තාවකට අනුව, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරක ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1,796.7ක් වාර්තා වී තිබෙනවා.
එහෙත් පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයාගෙන ඇති බව වාර්තා වනවා.
මේ අතර, පසුගිය වසරේ ජූලි මාසයේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙම වසරේ ජූලි මාසයේදී එය අමෙරිකානු ඩොලර් මිලියන 285.5ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම වසරේ මුල් මාස 7 තුළ විදෙස් ප්‍රේෂණවලින් අමෙරිකානු ඩොලර් මිලියන 8,382.4ක ආදායමක් මෙරටට ලැබී තිබෙනවා.
එය පසුගිය වසරේ එම කාලයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.
එමෙන්ම, පසුගිය වසරේ ජූලි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක විදෙස් ප්‍රේෂණ ලැබී ඇති අතර, මෙම වසරේ ජූලි මාසයේදී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk