2026-08-23 21:32:00 Hours

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 සිට විශේෂ ජනරැලි මාලාවක්


...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වැනිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ එම වැඩසටහනට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ජනරැලි මාලාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

"ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතිව පාරට බැහැලා කරන්න කියන්න. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා, අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ.

අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.

මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk