2026-11-08 18:40:00 Hours
ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ පිහිටි බෝට්ටු නඩත්තු අංගනයේ අද (08) දහවල් හටගත් ගින්නෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ ධීවර බෝට්ටු 7ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.ජී.ඒ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම, වරාය පරිශ්‍රයේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා නවතා තැබීම සම්බන්ධයෙන් ඒවායේ හිමිකරුවන් කැඳවා කරුණු විමසීමටත්, ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා ගාල්ල වරාය පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk