2026-11-08 21:20:00 Hours
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් මෙරටට රැගෙන ආ ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රෆෝන 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් අද (08) සිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ ඩ්‍රෝන යානා ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාම සඳහා ආනයන පාලන බලපත්‍රය (ICL), විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) අනුමැතිය ලබාගත යුතු වනවා.
කෙසේ වෙතත්, අදාළ අනුමැතීන් ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වීම හේතුවෙන් මෙම භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk