2026-08-16 10:00:00 Hours

අයගම දී පර්වර්තයකින් පහළට වැටුණු පුද්ගලයා ගොඩගන්න කමාන්ඩෝ මෙහෙයුමක්


...

අයගම ඉන්දෝල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගල් පර්වතයකින් පහළට ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

අයගම පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා දින කිහිපයක සිට අතුරුදහන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත් පොලීසිය අදාළ ස්ථානයේ සිදුකළ ස්ථානීය පරීක්ෂණයේ දී කිසිඳු තොරතුරක් සොයා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

අනතුරුව පොලීසිය ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඩ්‍රෝන උපයෝගී කරගනිමින් විමර්ශන සිදුකර ඇති බව සඳහන්.

එහිදී අතුරුදහන්ව ඇති බවට සැක පුද්ගලයාගේ මෘත ශරීරය ගල්පර්වතයේ කොටස රැඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිරුර ගොඩ ගැනීමේ ගනේමුල්ල කමාන්ඩෝ බලකායේ ආධාර ඇතිව මෙහෙයුම් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk