2026-08-16 11:15:00 Hours
මෙරට දැවැන්තම හස්තියෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ ඇතා පසුගිය දිනක උදෑසන ඇහැටුවැව ප්‍රදේශයට ආසන්න මාර්ගයකදී යතුරුපැදියක ගැටී තිබෙනවා.
අඹන්පොළ, කාසිකොටේ සහ ගැටදිවුල ප්‍රදේශවල පසුගිය දින කිහිපය පුරා සැරිසරමින් සිටි ඇතා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ උදෑසන 7.30ට පමණයි.
උසස් පෙළ විභාගයට යමින් සිටි පාසල් සිසුවෙකු ගමන් කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයට පැමිණි ‘කාවන්තිස්ස’ ඇතාගේ ගැටී තිබෙනවා.
අනතුරින් යතුරුපැදියට සුළු හානි සිදුව ඇති අතර, ඇතාගේ දළයක් සිසුවාගේ කකුලේ වැදීමෙන් ඔහුට සුළු තුවාල සිදුව ඇති බව සඳහන්.
ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැඩි අපහසුතා මධ්‍යයේ වුවද එම සිසුවා නියමිත පරිදි උසස් පෙළ විභාගයට පෙනී සිටීම විශේෂත්වයක්.
මේ අතර, අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීමේදී ‘කාවන්තිස්ස’ ඇතාගේ කුඩා දළ කොටස් කිහිපයක් හමුවී ඇති අතර, ඒවා වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
වන අලි ගැවසෙන ප්‍රදේශවල උදෑසන සහ සවස් කාලයේදී ගමන් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, අලිමංකඩ සහ වන අලි නිතර මාර්ග හරහා ගමන් කරන ප්‍රදේශවලදී වාහනවල වේගය අඩු කර අවට පරිසරය පිළිබඳ දැඩි අවධානයෙන් ගමන් කරන ලෙසත් ජනතාවට දැනුම් දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk