2026-10-04 08:16:00 Hours

ඥානසාර හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙන එයි


...

අධිකරණ වරෙන්තුවකට අනුව පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගල ආරණ්‍ය සේනාසනයේදී පොලිස් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබෙනවා.

උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුවකට අනුවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් 1 වැනිදා එම විවෘත වරෙන්තුව නිකුත් කළා.

ඊට අමතරව, උන්වහන්සේට විදේශගත වීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක්ද අධිකරණය විසින් පනවනු ලැබුවා.

මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදී තිබූ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk