2026-10-01 07:14:00 Hours

පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළට - නවතම මිල ගණන් මෙන්න


...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි මිල රුපියල් 478 සිට රුපියල් 528ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392ක්.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති අතර, එය රුපියල් 475ක මිලටම පවතිනවා.

භූමිතෙල් ලීටරයක මිලද සංශෝධනය කර නොමැති අතර, එහි මිල තවදුරටත් රුපියල් 285ක් ලෙස පවතිනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk