2026-10-02 12:20:00 Hours
ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් සහිත මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වන සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ සිනොපෙක් සමාගම අතර පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම ආයෝජන වාර්තාවක සඳහන් වනවා.
එම ව්‍යාපෘතිය හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකිරීමට නියමිතව තිබූ අතර, පසුගිය වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ගිවිසුම අවසන් කිරීමට කැපවන බව ප්‍රකාශ කර තිබූ බවද වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර, පසුගිය පෙබරවාරි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුත් මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවද අදාළ වාර්තාව පෙන්වා දෙනවා.
මුල් ගිවිසුමේ කොන්දේසි සම්බන්ධව ශ්‍රී ලංකා රජය යළි සාකච්ඡා කිරීමට උත්සාහ කිරීම එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට හේතුවක් ලෙස දක්වා තිබෙන බවද එහි සඳහන්.
එමෙන්ම පාවෙන එල්.එන්.ජී. පර්යන්තයක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට දින කිහිපයකට පෙර චයිනා හාබර් ඉංජිනියරින් සමාගම සමඟ පැවති සාකච්ඡා පසුගිය දෙසැම්බර් මාසයේදී රජය අවසන් කර ඇති බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දැක්වෙනවා.
තවද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ සැලසුමද රජය අත්හැර දමා ඇති අතර, ඒ වෙනුවට එම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ඇති බවද වාර්තාව සඳහන් කරනවා.
මේ අතර, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රජය උත්සාහ කරන අතරතුර ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය ව්‍යවසායන් සහ ආර්ථික කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීම වැඩි කළ යුතු බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඇතැම් ආයෝජකයන් කනස්සල්ල පළකර ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.
ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජන සිදු කිරීමේදී පවතින දීර්ඝ අනුමත කිරීමේ ක්‍රියාවලියද ආයෝජකයන් කලකිරීමට පත්කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk