2026-10-03 18:25:00 Hours
පිරිසිදු බලශක්තිය සඳහා ජනතාවගේ ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළ ගිවිසුමකට රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 35ක සහනදායී ණය මුදලක් ලබාගැනීමට නියමිතයි.
මීට අමතරව යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 5.4ක ප්‍රදානයක් සහ ඒකාබද්ධ ණය යාන්ත්‍රණය සඳහා වන ජපාන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක්ද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හිමිවනවා.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, 2030 වසර දක්වා කාලය තුළ දැරිය හැකි මිලකට පිරිසිදු බලශක්තිය සඳහා ප්‍රවේශය වැඩි කිරීමට රජය දරන උත්සාහයන්ට සහාය වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk