2026-10-04 21:49:00 Hours
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට (05) පැවැත්වෙන විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ගැනීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
"කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පක්ෂවල නායකයන් සාකච්ඡා කරමින් ඉන්නවා.
දැනට අපි මේ විශ්වාසභංගය කෙටුම්පත් කරලා තියෙන්නේ. මේ විශ්වාසභංගය ඉදිරිපත් කරන දිනය පිළිබඳව අපි හෙට දිනයේ තීරණය කරනවා."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk