2026-10-03 18:41:00 Hours
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ට එරෙහිව අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
කඩුවෙල මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අතුරුගිරියේ මෙට්‍රෝ බස් රථගාල පසුගිය සැප්තැම්බර් 29 වැනිදා විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ගේ ප්‍රධානත්වයෙන්.
එම බස් රථගාල සඳහා භාවිත කරන පර්චස් 100ක පමණ භූමියක් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා පිරිසිදු කර තිබුණා.
එම ඉඩම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බවත්, එය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවත් එහි පාලනාධිකාරිය මීට පෙර චෝදනා කර ඇත.
ඒ සම්බන්ධයෙන් ඔවුන් අතුරුගිරිය පොලිසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව පසුගිය සැප්තැම්බර් 30 වැනිදා අසිත නිරෝෂන මන්ත්‍රීවරයා සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පොලිසියට කැඳවා තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk