2026-09-24 10:10:00 Hours
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213ක මූල්‍ය සහනාධාරයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා.
2026 වසර සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත වෙන්කර ඇති නමුත් වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම මුදල වෙන්කර තිබෙනවා.
එම ප්‍රතිපාදන මාරු කිරීමෙන් විසර්ජන පනත මගින් අනුමත කර ඇති සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට බලපෑමක් සිදුනොවන බව සඳහන්.
මේ අතර, අද විවාදයට ගත් අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පතද සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk