2026-09-24 15:05:00 Hours
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය ක්‍රිෂ් සමාගමට කඩිනමින් ලබාගැනීමට සහාය වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
සැකකාරිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk