2026-09-24 10:36:00 Hours
විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් පොලිසිය විසින් පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දෙසට වාහන ගමනාගමනය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් අද (24) පෙරවරුවේ සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බව සඳහන්.
මේ වනවිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇදහැලෙමින් පවතින අතර, වැසි නොතකා කළු පටි පැළඳ විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියට රැස්ව සිටිනවා.
විරෝධතාවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටින බවද වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk