2026-09-22 08:40:00 Hours
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
ඒ හේතුවෙන් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇති අතර, ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද අනියුක්ත කර තිබෙනවා.
කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුවයි මෙලෙස අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත්තේ.
ඒ අනුව, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද පෙරවරුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව පවරා ඇති මෙම නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.
පසුගිය අගෝස්තු 24 වැනිදා සාක්ෂි විභාගය අවසන් වූ අතර, අවසන් තීන්දුව අද ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම්දී තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk