2026-09-24 09:28:00 Hours
“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාව අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී පෙරවරු 9ට එම විරෝධතාව ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පැවැත්වෙන මෙම විරෝධතාවට සහභාගී වන ලෙස ජනතාවට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මේ අතර, අද පැවැත්වීමට නියමිත විරෝධතාවට සහභාගී නොවීමට ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.
පවතින මතභේදාත්මක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් වේදිකාවකට ගෙන ඒම එහි අරමුණ වූ බවද එම නිවේදනයේ දැක්වෙනවා.
එම අරමුණට අනුව අපේක්ෂිත ආකාරයෙන් විරෝධතාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවද එම මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk