2026-09-24 13:10:00 Hours

කුඩා ගඟ උප ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්


...

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 සඳහාද දීර්ඝ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය 20 වැනිදා පෙරවරු 9.30ට නිකුත් කළ එම අනතුරු ඇඟවීමේ නිවේදනය මෙලෙස දීර්ඝ කළ බවයි.

ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් කරන රියදුරන් අවධානයෙන් රිය ධාවනය කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk