2026-08-10 15:57:00 Hours
දිවයිනේ විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සිදුකරන සමාගම්වල බලධාරීන් සඳහන් කළේ එම පද්ධති තුළ ගබඩා කරන විදුලිබලය අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.
අදාළ බැටරි පද්ධති මැයි සහ ජුනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් තිබෙනවා.
අනුරාධපුර උපපොළ ආසන්නයේ ඉදිකෙරෙන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට සියයට 85කින් පමණ අවසන් කර ඇති බවද සඳහන්.
දිවා කාලයේ සූර්ය බල පද්ධති මගින් නිපදවන අතිරික්ත විදුලිය මෙම බැටරි පද්ධතිවල ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට නියමිතයි.
එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකි වන අතර, එහි පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd (NSO) සමාගම විසින් සිදුකිරීමට පියවර ගෙන ඇත.
මෙම පද්ධති හරහා ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් බලාගාරවලින් ලබාගන්නා විදුලිබල ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.
බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරෙන අතර, පරිසරයට අවම බලපෑමක් සහිත ස්ථාවර විදුලිබල සැපයුමක් ලබාදීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණයි.
මේ අතර, තවත් විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 23ක් සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව වාර්තා වනවා.
මෙම ව්‍යාපෘති මගින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk