2026-08-10 14:19:00 Hours

මාළිගාවත්තේ වෙඩි තැබීමකින් කංජිපානිගේ සමීපතමයෙකු මරුට


...

මාළිගාවත්ත, බී.සී.සී. පාලම ආසන්නයේ අද (10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ඥාතියෙකු බවටද තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk