2026-08-10 10:46:00 Hours

සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එයි


...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.

පසුගියදා මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස කැඳවා ඇති බව සඳහන්.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීමට සාගර කාරියවසම් මහතා අද (10) එම කාර්යාංශය හමුවේ පෙනී සිට තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk