2026-09-25 15:15:00 Hours
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අංක 11 මහාධිකරණයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අල්ලස් ලබාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
විනිසුරුවරයා ලවා සරණ ගුණවර්ධන මහතාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk