2026-09-25 12:18:00 Hours

පොත් සඳහා පනවා ඇති බද්ද ඉදිරි අයවැයෙන් වෙනස් කරනවා - අගමැතිනිය


...

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) ආරම්භ වනවා.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

27 වැනි වරට පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනය දින 10ක් පුරා පැවැත්වෙන අතර, ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා ජනතාවට විවෘතව පවතිනවා.

මෙහිදී දේශීය මෙන්ම විදේශීය පොත්පත් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට පාඨකයන්ට අවස්ථාව හිමිවනවා.

මේ අතර, පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඉල්ලා සිටින්නේ ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

මේ අතර පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද සම්බන්ධයෙන් එළැඹෙන අයවැයෙන් වෙනසක් සිදුකිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ඇය මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) පෙරවරුවේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

"ජනාධිපතිතුමා කතාකරලා කිව්වා උපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා".



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk