2026-09-25 12:44:00 Hours
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (25) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පැවැත්වෙන දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද (25) වන අතර, පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අද (25) පස්වරුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ වූ අතර, එය දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්.
මේ අතර, 22වන සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඊයේ (24) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ විරෝධතාවක්ද පැවැත්වූවා.
එම විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk