2026-08-18 11:12:00 Hours
ඕමානයට බෝම්බ හෙළන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශ සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.
මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
අද වන විට එහි අගය ඩොලර් 91.24ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවද මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත් WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළ ගොස් තිබෙනවා.
ඉරානය සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සිදුවන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමග ඊයේ (17) පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය පාලනය කිරීම සම්බන්ධව ඉරානය සහ ඕමානය අතර මේ වන විට වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර අමෙරිකාවේ ද ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk