2026-08-11 12:10:00 Hours

ජනපති සහ BASL අතර හෙට විශේෂ සාකච්ඡාවක්


...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හෙට (12) පස්වරු 1ට සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධව එම සංගමයේ ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර තිබුණා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වන විට ගැසට් කර තිබෙනවා.

අදාළ කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වනවා.

අභියාචනාධිකරණ විනිසුරුවර්න්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධන කර ඇත.

කෙසේ වෙතත් නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ සිදු නොකරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ සාකච්ඡාවකද නිරත වී තිබුණා.

එහිදී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නීතිඥ සංගමයේ අදහස් ජනාධිපතිවරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව රජීව් අමරසූරිය මහතා සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk