2026-08-11 10:50:00 Hours

ඩෙංගු රෝගීන් ගණන 90,306 දක්වා ඉහළට - මරණ 65ක්


...

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 90,306 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදනය හේතුවෙන් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වනවා.

මෙවර වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 29,973ක්.

මේ අතර, අගෝස්තු මාසයේ ගතවූ පළමු දින 10 තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,959 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක්, එනම් රෝගීන් 47,824 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සඳහන්.

දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,361 දෙනෙකු සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027 දෙනෙකු වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර, එහිදී මේ දක්වා රෝගීන් 19,204 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,955 දෙනෙකු වාර්තා වී ඇති අතර, මහනුවරින් 6,413ක්, මාතරින් 5,971ක් සහ කළුතරින් 5,871ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk