2026-08-11 14:41 Hours
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තු යටතේ පෙට්‍රල් 92 Unl, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් (0.05% M.S.) මිල දී ගැනීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් සීමිත ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් මෙම ලංසු කැඳවා ඇති බව සඳහන්.
ඉන්පසුව ඉදිරිපත් වූ ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ අනුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk