2026-10-09 14:07:00 Hours
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ, ඔහුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.
නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ල වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk