2026-10-09 15:02:00 Hours
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාරදී තිබෙනවා.
කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් මුල් කරගනිමින් සකස් කර ඇති මෙම යෝජනාවට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට චෝදනා කරමින්, ඔහු එම ධුරයට නුසුදුසු බව විපක්ෂය පවසනවා.
විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාවට විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක අජිත් පී. පෙරේරා, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk