2026-11-04 20:06:00 Hours

මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් සමඟ බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට


...

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ අදාළ යාත්‍රාව සමඟ එහි සිටි සැකකරුවන් ද සිය භාරයට ගත් බවයි.

එම යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk