2026-11-05 08:39:00 Hours

IOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමයි


...

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) සහ සයිනොපෙක් සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර, අදාළ මිල සංශෝධනයට අනුව ෂෙල් (Shell) සමාගම ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බව නිවේදනය කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk