2026-10-07 17:37:00 Hours

ශිරන්තිව අධිකරණයට රැගෙන එයි


...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන, එම යන්ත්‍රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකර ඇති බවටද චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

ඒ අනුව අද පෙරවරුවේ ඇයගේ නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව අල්ලස් කොමිසම හමුවේ ප්‍රශ්න කිරීමෙන් පසු ඇය මෙලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk