2026-10-08 10:11:00 Hours
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රඳවා ඇති බවයි.
රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඇය ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළා.
එමෙන්ම, ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමු කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමටද අධිකරණය නියෝග කළා.
ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk