2026-10-07 13:44 Hours
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වැනිදා අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතයි.
අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙනවා.
අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් 2027 අයවැය සම්බන්ධ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වනවා.
අයවැය විවාද පැවැත්වෙන කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
මේ අතර, දෙවැනිවර කියවීමේ විවාදය සඳහා ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් විවාද කාලයක් වෙන්කර තිබෙනවා.
කාරක සභා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට සියයට 40කත්, විපක්ෂයට සියයට 60කත් විවාද කාලයක් වෙන්කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk