2026-10-08 17:06:00 Hours
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.
පෙත්සමේ සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පතේ 32 වැනි වගන්තිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ හා පළාත් ක්‍රිකට් සංගම්වලට පමණක් බවයි.
ඒ හරහා ඡන්ද බලය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් බහුතරයක් බවට පත්වන අතර, ඉන් පිටත දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංගම්වලට එම අයිතිය අහිමි වන බවද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, පනත් කෙටුම්පතේ 28 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ ‘අනුශාසක’ ලෙස පත් කිරීමත්, 22 වැනි වගන්තිය යටතේ ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා ස්වාධීන අධ්‍යක්ෂවරුන් තෝරාගන්නා මණ්ඩලයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා නිල බලයෙන් ඇතුළත් කිරීමත් සම්බන්ධයෙන්ද පෙත්සමෙන් කරුණු දක්වා තිබෙනවා.
මෙවැනි ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිල්ල ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වන බවයි පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ.
ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk